Skip to main content
මොකක්ද මේ IVDP (Inter vertebral Disc Prolapse) නැතිනම් මඩල ලිස්සීම


IVDP නැතිනම් ඩිස්ක් එකේ ප්‍රශ්නයක් යනුවෙන් බොහෝ දෙනෙක් හදුන්වන මෙම තත්වය බොහෝ හේතූන් නිසා ඇතිවිය හැකියි.ප්‍රධානවම අපගේ කශෙරුකා දෙකක් අතර ඇති අන්තර් කශේරුක මඩල කශෙරුකා දෙක අතරින් පිටතට පැමිණ සුසුම්නාව තෙරපීමකට ලක්වීම මෙහිදී දැකිය හැකියි. මෙම තත්වය මඩල ලිස්සීම යනුවෙන් හැදින්වේ.බොහෝ විට වයස්ගත වීමත් සමග පිටකොන්දේ සහ කශෙරුකාවට ආසන්නව ඇති මාංශපෙශීන් දුර්වල වීමත්, විවිධ අනතුරු සිදුවීමත් සමග මෙම තත්වය ඇතිවිය හැකියි. වයස්ගත පුද්ගලයන් වැටීමට ලක්වීම, මාර්ග අනතුරු වලට ලක්වීම වැනි දෑ මෙම තත්වයට ප්‍රධානවම බලපෑ හැකියි. විවිධ ආකාරයේ අනතුරු මගින් තරුණ පුද්ගලයන්ටද මෙම තත්වය ඇති වීමේ අවධානමක් ඇති බව මතක තබා ගත යුතු වේ.
මෙය දරුණු තත්වයක්ද?
මෙම තත්වය ඉතා සුලු ගණන් ගත යුතු නොවන තත්වයේ සිට අවිදීමට පවා නොහැකිවන තත්වයට දරුණු විය හැකියි
මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?
කොන්දේ සිට කකුල් දෙකටම සමානව හෝ අසමානව දිව යන වේදනාවක් හෝ හිරියක් දැනීම, මාංශපේශීන්ගේ තද ගතියක් දැනීම වැනි ලක්ෂණ ප්‍රධානව දැකිය හැකියි.
භෞතචිකිත්සාව මගින් මෙය සුව කල හැකිද?
ඔව් මෙම රෝගී තත්වයේ මූලික අවස්තාවන් භෞතචිකිත්සාව මගින් සුව කල හැකි අතර දරුණු තත්වයන් සදහා ශල්‍යකර්ම මගින් ප්‍රතිකාර සිදුකිරීමට සිදුවේ.මෙම රෝගී තත්වයේ මූලික අවදියේදීම නිසි ප්‍රතිකාර ලබා ගැනීම මගින් ඉක්මනින් සුව කර ගැනිමේ හැකියාව ඇත.

Comments

Popular posts from this blog

මුදල් පසුම්බිය නිසා ඇතිවිය හැකි පැති කුදය මුදල් පසුම්බිය කෙතරම් භයානකද කියා ඔබ මොහොතකටවත් සිතුවාද? ඔබගේ මුදල් පසුම්බිය නිතරම පසුපස පොකට්ටුවේ දමාගෙන සිටීම නිසා ඔබගේ කොඳුඇටපෙළ ඇදවීමේ රෝගයක් (Scoliosis) ඇතිවීමේ අවදානම ඉතා වැඩිබව පරීක්ෂණ වලින් හෙළිවී තිබේ. නිතරම මුදල් පසුම්බිය මත වාඩිවීම නිසා ඔබගේ ශරීරයේ මාංශපේෂීන් සමතුලිතතාවයකින් තොරව ක්‍රියාකිරීමට පෙළඹේ. මෙම නිසා දිගුකලක් යන විට ඔබගේ කොඳුඇටපෙළ ඇදවීමක් දැකගත හැකිවේ. මුල් අවදියේ මෙම තත්වය භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් සහ වැරදි ඉරියව් භාවිතය අවම කිරීම මගින් සුවකරගත හැකි උවත් දීර්ඝකාලීන සහ සංකිරණ කොදුඇටපෙළ ඇදවීමේ තත්වය ශල්‍යකර්මයක් මගින් සුවකරගැනීමට සිදුවිය හැක.
Scoliosis නොහොත් පැති කුදයට නිවැරදි ප්‍රතිකාර ලබා ගත්තාද ? මෙම රෝගී තත්වය කුඩාකලම හදුනාගැනීම මගින් අතුරු අබාධ ඇතිවීම වලක්වාගනිමින් සුවකරගැනීමේ හැකියාව පවතී. මෙහිදී ඉතා සරල තත්වයේ සිට සංකීර්න තත්වයන් දක්වා පුළුල් පරාසයක රෝග ලක්ෂණ පැවතිය හැකි අතර ඇතැම්විට රෝග ලක්ෂණ දැකිය නොහැකි අවස්ථාද පවතී. මෙහි රෝග ලක්ෂණ ලෙස සුළු කොන්දේ කැක්කුම් වැනි දෑ මෙන්ම ඇතැම් විට ඉතා දරුණු හුස්ම ගැනීමේ අපහසුතාද ඇතිවිය හැක. මෙම තත්වය ඇති වීමේ ප්‍රධාන අවස්ථා දෙකක් දැකිය හැකි වේ. උපතින්ම මෙම තත්වය ඇති වීම  අස්ථි සංකුලතා සහිත වීමේ වැඩි සම්භාවිතාවක් ඇති අතර වැරදි ඉරියව් භාවිතය මගින් ඇතිවන තත්වය අස්ථි සංකුලතා රහිත වීමට නැඹුරුවක් දක්වයි. අස්ථි සංකුලතා සහිත පැති කුදය නිවැරදි කිරීමට බොහෝ විට ශල්‍යකර්මයක් කිරීමට සිදුවේ. නමුත් අස්ථි සංකුලතා රහිත පැතිකුදය භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් සම්පුරණයෙන් සුව කළහැකි වේ. කෙසේ වෙතත් ශල්‍යකර්මයක් කිරීමෙන් පසුවද අනිවාර්යෙන් භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගැනීම මගින් ඉක්මනින් එදිනෙදා කටයුතු වලට යොමුවීමේ හැකියාවක් රෝගියාට ලැබේ. ඉහත දැක්වෙන X-ray පිටපත් මෙම Scoliosis තත්වයෙන් පැමිණි රෝගියෙකු භ...