Skip to main content


මුදල් පසුම්බිය නිසා ඇතිවිය හැකි පැති කුදය
මුදල් පසුම්බිය කෙතරම් භයානකද කියා ඔබ මොහොතකටවත් සිතුවාද?
ඔබගේ මුදල් පසුම්බිය නිතරම පසුපස පොකට්ටුවේ දමාගෙන සිටීම නිසා ඔබගේ කොඳුඇටපෙළ ඇදවීමේ රෝගයක් (Scoliosis) ඇතිවීමේ අවදානම ඉතා වැඩිබව පරීක්ෂණ වලින් හෙළිවී තිබේ. නිතරම මුදල් පසුම්බිය මත වාඩිවීම නිසා ඔබගේ ශරීරයේ මාංශපේෂීන් සමතුලිතතාවයකින් තොරව ක්‍රියාකිරීමට පෙළඹේ. මෙම නිසා දිගුකලක් යන විට ඔබගේ කොඳුඇටපෙළ ඇදවීමක් දැකගත හැකිවේ. මුල් අවදියේ මෙම තත්වය භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් සහ වැරදි ඉරියව් භාවිතය අවම කිරීම මගින් සුවකරගත හැකි උවත් දීර්ඝකාලීන සහ සංකිරණ කොදුඇටපෙළ ඇදවීමේ තත්වය ශල්‍යකර්මයක් මගින් සුවකරගැනීමට සිදුවිය හැක.


Comments