Skip to main content

Posts

Showing posts with the label Sinhala
මොකක්ද මේ IVDP (Inter vertebral Disc Prolapse) නැතිනම් මඩල ලිස්සීම IVDP නැතිනම් ඩිස්ක් එකේ ප්‍රශ්නයක් යනුවෙන් බොහෝ දෙනෙක් හදුන්වන මෙම තත්වය බොහෝ හේතූන් නිසා ඇතිවිය හැකියි.ප්‍රධානවම අපගේ කශෙරුකා දෙකක් අතර ඇති අන්තර් කශේරුක මඩල කශෙරුකා දෙක අතරින් පිටතට පැමිණ සුසුම්නාව තෙරපීමකට ලක්වීම මෙහිදී දැකිය හැකියි. මෙම තත්වය මඩල ලිස්සීම යනුවෙන් හැදින්වේ.බොහෝ විට වයස්ගත වීමත් සමග පිටකොන්දේ සහ කශෙරුකාවට ආසන්නව ඇති මාංශපෙශීන් දුර්වල වීමත්, විවිධ අනතුරු සිදුවීමත් සමග මෙම තත්වය ඇතිවිය හැකියි.   වයස්ගත පුද්ගලයන් වැටීමට ලක්වීම, මාර්ග අනතුරු වලට ලක්වීම වැනි දෑ මෙම තත්වයට ප්‍රධානවම බලපෑ හැකියි. විවිධ ආකාරයේ අනතුරු මගින් තරුණ පුද්ගලයන්ටද මෙම තත්වය ඇති වීමේ අවධානමක් ඇති බව මතක තබා ගත යුතු වේ. මෙය දරුණු තත්වයක්ද? මෙම තත්වය ඉතා සුලු ගණන් ගත යුතු නොවන තත්වයේ සිට අවිදීමට පවා නොහැකිවන තත්වයට දරුණු විය හැකියි මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද? කොන්දේ සිට කකුල් දෙකටම සමානව හෝ අසමානව දිව යන වේදනාවක් හෝ හිරියක් දැනීම, මාංශපේශීන්ගේ තද ගතියක් දැනීම වැනි ලක්ෂණ ප්‍රධානව දැකිය හැකියි. භෞතචිකිත...
මුදල් පසුම්බිය නිසා ඇතිවිය හැකි පැති කුදය මුදල් පසුම්බිය කෙතරම් භයානකද කියා ඔබ මොහොතකටවත් සිතුවාද? ඔබගේ මුදල් පසුම්බිය නිතරම පසුපස පොකට්ටුවේ දමාගෙන සිටීම නිසා ඔබගේ කොඳුඇටපෙළ ඇදවීමේ රෝගයක් (Scoliosis) ඇතිවීමේ අවදානම ඉතා වැඩිබව පරීක්ෂණ වලින් හෙළිවී තිබේ. නිතරම මුදල් පසුම්බිය මත වාඩිවීම නිසා ඔබගේ ශරීරයේ මාංශපේෂීන් සමතුලිතතාවයකින් තොරව ක්‍රියාකිරීමට පෙළඹේ. මෙම නිසා දිගුකලක් යන විට ඔබගේ කොඳුඇටපෙළ ඇදවීමක් දැකගත හැකිවේ. මුල් අවදියේ මෙම තත්වය භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් සහ වැරදි ඉරියව් භාවිතය අවම කිරීම මගින් සුවකරගත හැකි උවත් දීර්ඝකාලීන සහ සංකිරණ කොදුඇටපෙළ ඇදවීමේ තත්වය ශල්‍යකර්මයක් මගින් සුවකරගැනීමට සිදුවිය හැක.
Dry Needling හෙවත් බටහිර කටු චිකිත්සාව   භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිතයට ගැනේ. මෙහිදී මාංශපේශී වල ඇති වන වේදනාවන් තත්පර 30ක් වැනි කෙටි කාල සීමාවකදී සමනය කරගත හැකි අතර මෙම ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසුකම් ලත් භෞතචිකිත්සක වරයෙකු වෙත යොමුවීම ඉතා වැදගත් වේ.Dry Needling ප්‍රතිකාරයට පෙර නිසි පරිදි රෝග විනිශ්චය කිරීම ඉතා වැදගත් වේ.රෝග විනිශ්චය සඳහා භෞත චිකිත්සක විශේෂ පරීක්ෂණ මෙන්ම MSK Ultrasound වැනි ක්‍රමද භාවිතා වේ. ප්‍රතිකාරයට පසු භෞතචිකිත්සකවරයා ලබාදෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීම වැදගත් වන බව මතක තබාගත යුතුය. අපගේ භෞත චිකිත්සක මද්‍යස්ථානය මගින් මෙම ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට හැකියාව පවතින අතර කලින් වෙලාවක් වෙන් කරගැනීම මගින් ඔබට ඇතිවියහැකි අපහසුතා මගහරවා ගත හැක.දුරකථන අංක 0713353114 ඇමතීම මගින් වෙලාවක් වෙන්කරගත හැක.
ඇඳ තුවාල / Bedsores ඇඳ තුවාල Bedsores (also called pressure ulcers and decubitus ulcers) දීර්ග කාලීනව සම මතට ඇතිවන තෙරපුම නිසා ඇතිවේ. මෙමගින් සමට මෙන්ම සමට යටින් ඇති පටක වලටද හානි ඇතිවන අතර ප්‍රධානවම අස්ථි ආවරණය කරමින් ඇති ස්ථාන වල සමෙහි මෙම තුවාල වැඩි වශයෙන් දක්නට ලැබේ. දීර්ගකාලීනව එක්තැන්වී සිටීම සහ එක්තැන් වී සිටින රෝගීන්ගේ ඉරියව් වෙනස් නොකර සිටීම ඇඳ තුවාල ඇති වීමට ප්‍රධානවම බලපායි. ඇඳ තුවාල ආසාදනයට ලක්වීම මගින් තත්වය තවත් දරුණු විය හැකි අතර ඇඳ තුවාල ඇති වූ වහාම ඒ සඳහා ප්‍ රතිකාර ලබාගැනීම මහින් රෝගියාට සහනයක් සලසාගත හැකිවේ. Impulse Wound Care Clinic මගින් ඔබට ඕනෑම මොහොතක ප්‍රතිකාර ලබාගත හැකි අතර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගනීමේ හැකියාවද පවතී. Bedsores — also called pressure ulcers and decubitus ulcers — are injuries to skin and underlying tissue resulting from prolonged pressure on the skin. Bedsores most often develop on skin that covers bony areas of the body, such as the heels, ankles, hips and tailbone. People most at risk of bedsores are those with a medical condition that li...
තැල්මකදී අයිස් තියන්නේ ඇයි ? භෞතචිකිත්සාවේදී, Cryotherapy නොහොත් අයිස් භාවිතයෙන් රෝග පාලනය හෝ සුවපත් කිරීම සිදුකරනු ලබයි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම ප්‍රධාහය (Inflammation) පාලනය කරන අතර එහිදී ඇතිවන ඉදිමුම,රතුපැහැ ගැන්වීම සහ වේදනාව අවම කිරීම මගින් රෝගියාට සහනයක් සලසනු ලබයි. විනාඩි 10 ත් 20 ත් අතර අයිස් තැබීම මගින් lewis hunting reaction නමැති යාන්ත්‍රණය රුධිර නාල වල ඇතිවන අතර එමගින් තුවාලය හෝ තැල්ම වූ ස්ථානයේ ඇති පරිවෘතිය අපද්‍රව්‍ය (Metabolic Waste) ඉවත් කිරීම සිදුවේ.Cryotherapy භෞතචිකිත්සාවේදී බහුලව භාවිතා කරන අතර අයිස් සමග වෙනත් භෞතචිකිත්සක ප්‍රතිකාර භාවිත කිරීම මගින් බෙහෙත් පෙති හෝ දියර භාවිතයෙන් තොරව ඉක්මනින් රෝග සුවපත් කරගැනීමට හැකියාව ලැබේ.