Scoliosis නොහොත් පැති කුදයට නිවැරදි ප්‍රතිකාර ලබා ගත්තාද ? මෙම රෝගී තත්වය කුඩාකලම හදුනාගැනීම මගින් අතුරු අබාධ ඇතිවීම වලක්වාගනිමින් සුවකරගැනීමේ හැකියාව පවතී. මෙහිදී ඉතා සරල තත්වයේ සිට සංකීර්න තත්වයන් දක්වා පුළුල් පරාසයක රෝග ලක්ෂණ පැවතිය හැකි අතර ඇතැම්විට රෝග ලක්ෂණ දැකිය නොහැකි අවස්ථාද පවතී. මෙහි රෝග ලක්ෂණ ලෙස සුළු කොන්දේ කැක්කුම් වැනි දෑ මෙන්ම ඇතැම් විට ඉතා දරුණු හුස්ම ගැනීමේ අපහසුතාද ඇතිවිය හැක. මෙම තත්වය ඇති වීමේ ප්‍රධාන අවස්ථා දෙකක් දැකිය හැකි වේ. උපතින්ම මෙම තත්වය ඇති වීම අස්ථි සංකුලතා සහිත වීමේ වැඩි සම්භාවිතාවක් ඇති අතර වැරදි ඉරියව් භාවිතය මගින් ඇතිවන තත්වය අස්ථි සංකුලතා රහිත වීමට නැඹුරුවක් දක්වයි. අස්ථි සංකුලතා සහිත පැති කුදය නිවැරදි කිරීමට බොහෝ විට ශල්‍යකර්මයක් කිරීමට සිදුවේ. නමුත් අස්ථි සංකුලතා රහිත පැතිකුදය භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් සම්පුරණයෙන් සුව කළහැකි වේ. කෙසේ වෙතත් ශල්‍යකර්මයක් කිරීමෙන් පසුවද අනිවාර්යෙන් භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගැනීම මගින් ඉක්මනින් එදිනෙදා කටයුතු වලට යොමුවීමේ හැකියාවක් රෝගියාට ලැබේ. ඉහත දැක්වෙන X-ray පිටපත් මෙම Scoliosis තත්වයෙන් පැමිණි රෝගියෙකු භ...