Skip to main content
ඔබගේ පාවහන් වල පැත්තක් වැඩිපුර ගෙවිලද ?
ඇතැම් විට ඔබ මෙම තත්වය අධ්යනය නොකර තිබෙනවා ඇති, නමුත් හොදින් නිරීක්ෂණය කළහොත් ඔබගේ පාවහන් වල ඇතුල් පැත්ත හෝ පිට පැත්ත ගෙවී තිබෙන්නට පුළුවන්. භෞතචිකිත්සාවේදී මෙම තත්වයන් හොදින් නිරීක්ෂණය කරනු ලබන අතර මෙවැනි තත්වයන් සම්පුර්නයෙන්ම නිවැරදි කරගත හැකි බව ඔබ නොදන්නවා විය හැකියි. Biomechanics (ජීව යාන්ත්රික විද්යාව) විෂය ඉතා රසවත් විෂයක් වන අතර මෙහිදී ඉගැන්වෙන Posture Analysis (ඉරියවු අධ්යනය) සහ Gait Analysis (ඇවිදීම අධ්යනය) මගින් අපගේ ශරීරයේ අස්ථි,සන්ධි සහ මාන්ශපෙශීන් වල ඇතිවන සුළු වෙනස්කමක් උවත් හඳුනාගත හැකි වේ. ඉතා දියුණු තාක්ෂණික මෙවලම් සහිත විද්යාගාර (Gait & Posture Analyzing Labs) තුල මෙම නිරීක්ෂණයන් 100% ක් සාර්ථකව සිදුකළහැකි අතර එමගින් ලබාගන්නා දත්තයන් භාවිතයෙන් සාර්ථකව ශරීරයේ නියමිත ස්ථානයට පමණක් ප්රතිකාර ලබාදීම මගින් ඉතා සාර්ථක ප්රතිපල ලබාගත හැකි වේ. අප ඇවිදින ඉරියව්ව අධ්යනය කිරීමේදී අප පාදය පොළොවේ තබන ආකාරයේ සිට පාදය පොළවෙන් එසවෙන අවස්ථාව දක්වාත් නැවතත් එම පාදය පොළොවෙහි ස්පර්ශ කරන අවස්ථාව දක්වාත් සිදුවන සියලුම චලනයන් සහ මාංශපේශි ක්රියාකාරිත්වයන් ඉතා සියුම්ව අධ්යනය කරනු ලබයි.ඉරියව් අධ්යනය කිරීමේදී අපගේ ශරීරයේ ඇති ප්රධාන සන්ධි (වළලුකර,උකුල,කශේරුකාවේ සන්ධි,සහ හිස් කබල කශේරුකාවට සම්බන්ධ වන සන්ධිය) හරහා ගමන් කරන ගුරුත්වජ රේඛාව (Line of Gravity) නියමිත පරිදි ගමන් කෙරේදැයි පරික්ෂා කරනු ලබයි. ගුරුත්වජ රේඛාව අනවශ්ය ලෙස වෙනස් වී ඇති අවස්ථාවන්හිදී ශරීරයේ මාංශපේශි ක්රියාකාරිත්වය අසමතුලිත වේ. බොහෝ විට ඇවිදින ඉරියවු වෙනස් වීමටද මෙම අසමතුලිතතාවය බලපාන අතර බොහෝ කලක් පවතින මෙවැනි අසමතුලිතතා රෝගී තත්වයන් දක්වා වර්ධනය වේ. පාවහන් වල පැත්තක් ගෙවී යාම මෙම මාංශපේශි අසමතුලිතතාවය පෙන්නුම් කරන ලක්ෂණයක් විය හැකි බව මතක තබාගත යුතු වේ. කලක් පවතින මෙම තත්වයන් බොහෝ විට දරුණු කොන්දේ කැක්කුමක්, බෙල්ලේ කැක්කුමක් හෝ තද හිසරදයක් දක්වා වර්ධනය විය හැකි අතර ඇතැම් විට ඔබගේ බෙල්ලේ කැක්කුමට හේතුව වලලුකරේ ඇතිවන මාංශපේශි අසමතුලිත තාවයක් විය හැක. මෙහිදී ඔබ කෙතරම් බෙල්ලට ප්රතිකාර කලත් රෝග මුලය සොයා එයට ප්රතිකාර කරන තුරු බෙල්ලේ කැක්කුම පවතින බව දැන් ඔබට පැහැදිලි වේ.නිවැරදි
භෞතචිකිත්සක පරික්ෂණයන් නිරීක්ෂණයන් සහ ප්රතිකාර මගින් මෙම තත්වයන් 100% සුව කල හැකි අතර සැමවිටම සුදුසුකම් ලත් භෞතචිකිත්සකවරයෙකු මගින් ප්රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් වේ.


Comments

Popular posts from this blog

මොකක්ද මේ IVDP (Inter vertebral Disc Prolapse) නැතිනම් මඩල ලිස්සීම IVDP නැතිනම් ඩිස්ක් එකේ ප්‍රශ්නයක් යනුවෙන් බොහෝ දෙනෙක් හදුන්වන මෙම තත්වය බොහෝ හේතූන් නිසා ඇතිවිය හැකියි.ප්‍රධානවම අපගේ කශෙරුකා දෙකක් අතර ඇති අන්තර් කශේරුක මඩල කශෙරුකා දෙක අතරින් පිටතට පැමිණ සුසුම්නාව තෙරපීමකට ලක්වීම මෙහිදී දැකිය හැකියි. මෙම තත්වය මඩල ලිස්සීම යනුවෙන් හැදින්වේ.බොහෝ විට වයස්ගත වීමත් සමග පිටකොන්දේ සහ කශෙරුකාවට ආසන්නව ඇති මාංශපෙශීන් දුර්වල වීමත්, විවිධ අනතුරු සිදුවීමත් සමග මෙම තත්වය ඇතිවිය හැකියි.   වයස්ගත පුද්ගලයන් වැටීමට ලක්වීම, මාර්ග අනතුරු වලට ලක්වීම වැනි දෑ මෙම තත්වයට ප්‍රධානවම බලපෑ හැකියි. විවිධ ආකාරයේ අනතුරු මගින් තරුණ පුද්ගලයන්ටද මෙම තත්වය ඇති වීමේ අවධානමක් ඇති බව මතක තබා ගත යුතු වේ. මෙය දරුණු තත්වයක්ද? මෙම තත්වය ඉතා සුලු ගණන් ගත යුතු නොවන තත්වයේ සිට අවිදීමට පවා නොහැකිවන තත්වයට දරුණු විය හැකියි මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද? කොන්දේ සිට කකුල් දෙකටම සමානව හෝ අසමානව දිව යන වේදනාවක් හෝ හිරියක් දැනීම, මාංශපේශීන්ගේ තද ගතියක් දැනීම වැනි ලක්ෂණ ප්‍රධානව දැකිය හැකියි. භෞතචිකිත...
මුදල් පසුම්බිය නිසා ඇතිවිය හැකි පැති කුදය මුදල් පසුම්බිය කෙතරම් භයානකද කියා ඔබ මොහොතකටවත් සිතුවාද? ඔබගේ මුදල් පසුම්බිය නිතරම පසුපස පොකට්ටුවේ දමාගෙන සිටීම නිසා ඔබගේ කොඳුඇටපෙළ ඇදවීමේ රෝගයක් (Scoliosis) ඇතිවීමේ අවදානම ඉතා වැඩිබව පරීක්ෂණ වලින් හෙළිවී තිබේ. නිතරම මුදල් පසුම්බිය මත වාඩිවීම නිසා ඔබගේ ශරීරයේ මාංශපේෂීන් සමතුලිතතාවයකින් තොරව ක්‍රියාකිරීමට පෙළඹේ. මෙම නිසා දිගුකලක් යන විට ඔබගේ කොඳුඇටපෙළ ඇදවීමක් දැකගත හැකිවේ. මුල් අවදියේ මෙම තත්වය භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් සහ වැරදි ඉරියව් භාවිතය අවම කිරීම මගින් සුවකරගත හැකි උවත් දීර්ඝකාලීන සහ සංකිරණ කොදුඇටපෙළ ඇදවීමේ තත්වය ශල්‍යකර්මයක් මගින් සුවකරගැනීමට සිදුවිය හැක.
Scoliosis නොහොත් පැති කුදයට නිවැරදි ප්‍රතිකාර ලබා ගත්තාද ? මෙම රෝගී තත්වය කුඩාකලම හදුනාගැනීම මගින් අතුරු අබාධ ඇතිවීම වලක්වාගනිමින් සුවකරගැනීමේ හැකියාව පවතී. මෙහිදී ඉතා සරල තත්වයේ සිට සංකීර්න තත්වයන් දක්වා පුළුල් පරාසයක රෝග ලක්ෂණ පැවතිය හැකි අතර ඇතැම්විට රෝග ලක්ෂණ දැකිය නොහැකි අවස්ථාද පවතී. මෙහි රෝග ලක්ෂණ ලෙස සුළු කොන්දේ කැක්කුම් වැනි දෑ මෙන්ම ඇතැම් විට ඉතා දරුණු හුස්ම ගැනීමේ අපහසුතාද ඇතිවිය හැක. මෙම තත්වය ඇති වීමේ ප්‍රධාන අවස්ථා දෙකක් දැකිය හැකි වේ. උපතින්ම මෙම තත්වය ඇති වීම  අස්ථි සංකුලතා සහිත වීමේ වැඩි සම්භාවිතාවක් ඇති අතර වැරදි ඉරියව් භාවිතය මගින් ඇතිවන තත්වය අස්ථි සංකුලතා රහිත වීමට නැඹුරුවක් දක්වයි. අස්ථි සංකුලතා සහිත පැති කුදය නිවැරදි කිරීමට බොහෝ විට ශල්‍යකර්මයක් කිරීමට සිදුවේ. නමුත් අස්ථි සංකුලතා රහිත පැතිකුදය භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් සම්පුරණයෙන් සුව කළහැකි වේ. කෙසේ වෙතත් ශල්‍යකර්මයක් කිරීමෙන් පසුවද අනිවාර්යෙන් භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගැනීම මගින් ඉක්මනින් එදිනෙදා කටයුතු වලට යොමුවීමේ හැකියාවක් රෝගියාට ලැබේ. ඉහත දැක්වෙන X-ray පිටපත් මෙම Scoliosis තත්වයෙන් පැමිණි රෝගියෙකු භ...